දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් නිවේදන තව දුරටත් දීර්ඝ කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ගාල්ල , මාතර , හම්බන්තොට , රත්නපුර , කෑගල්ල , කළුතර , මාතලේ සහ මහනුවර යන දිස්ත්‍රික්ක වල ප්‍රදේශ කිහිපයක් වෙත නිකුත් කර තිබූ නායයාමේ අනතුරු ඇඟවීම් මෙලෙස දීර්ඝ කර තිබේ .
ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව , ඇල්පිටිය , කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය , අගලවත්ත , වලල්ලාවිට , මතුගම , බුලත්සිංහල , මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය , මාතර දිස්ත්‍රික්කයේ කොටපොල , පිටබැද්දර , මුලටියන , අතුරලිය , හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල , කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල , දෙහිඕවිට , කෑගල්ල, දැරණියගල , යටියන්තොට , රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර , කලවාන , කිරිඇල්ල , අයගම , පැල්මඩුල්ල , නිවිතිගල , ඇලපාත , ඇහැලියගොඩ , කුරුවිට, කොලොන්න සහ ඉඹුල්පේ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශවල ජීවත්වන ජනතාව මේ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කර තිබේ .















































