සක්විති රජකම දුන්නත් ජනවරමකින් තොරව තනතුරු භාර නොගන්නා බවත් , ප්‍රතිපත්ති කඩ කර , රටේ ජනතාව අමතක කර , පෞද්ගලික බඩගෝස්තරවාදය වෙනුවෙන් ජනාධිපති හා අගමැතිකම් ලබා ගැනීමට තමා සූදානම් නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .
විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත්තේ පොහොට්ටුවේ 134 දෙනෙකුගේ සීමාසහිත වරමක් ගෙන ජනාධිපති පුටුවට ගිය වත්මන් ජනාධිපතිවරයා පොහොට්ටු හොර කණ්ඩායමේ ආරක්ෂකයා වී මේ වන විට පාස්කු ප්‍රහාරයේ සත්‍ය පවා සගවමින් සිටින බවත් , රටේ විපක්ෂ නායකවරයාට පවා කොමිෂන් සභා වාර්තාවේ පිටපත් ලබාගත නොහැකි ලෙස සඟවා ඇති බවත් ය.
එමෙන්ම මෙසේ සත්‍ය සැගවීම වීම තුළින් ජාතික ආරක්ෂාව අනතුරට පත් වන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.