රටකට සමාජ ආරක්ෂණ ක්‍රම අවශ්‍යයි. ඒ සදාකාලික දුප්පතුන් පවත්වාගෙන යාමට නොව කිසියම් අවදියකදී අත දී නැගිටීමටය.සමෘද්ධි ,ජනසවිය යනු මිනිසුන් සදාකාලික දුප්පත් ලෙස රඳවා ගෙන ඡන්ද මංකොල්ල කෑමේ ක්‍රමවේදයයි.
ප්‍රාදේශීය සභා යනු, ඒ සමෘද්ධි ලාභින් තර්ජනය කර,බලපෑම් කර සමෘද්ධිය කැපීමෙන් වළකාගැනීමට රාජපක්ෂලාට ඡන්දය දීමට පෙලඹවූ යාන්ත්‍රණයයි.ප්‍රාදේශීය සභා විසුරුවා හැර ඡන්දයත් කල් දමා තිබේ.
ඒ අතර පනත සංශෝධනය කර මන්ත්‍රීන් 8500 ක් 4250 අඩුකර තිබේ.සමෘද්ධිය මාස්පතා ලබා දෙන අතර ජනගහනයෙන් 30% කට ආසන්න පිරිසක් සුභ සාධනයෙන් ජිවත් කරන ක්‍රමයකි.තරුණ දුවා දරුවන්,මව්පියන් හා එම තරුණයන්ගේ ආච්චි සීයලා ද සම්පුර්ණයෙන්ම සමෘද්ධියෙන් ජිවත්වනවා මා දැක ඇත.
වයසක ජනතාව ආරක්ෂා කරගැනීමට රටකට ආරක්ෂණ ක්‍රමවේද අවශ්‍ය වේ.ඒවා දායකත්ව ක්‍රමවේද විය යුතුය.තරුණ දරුවන්ට එක්වරක් පමණක් උපකාර කර නැගී සිටීමට අවශ්‍ය දැනුම,මාර්ගය හා සහය ලබා දීමේ ක්‍රමවේද තිබිය යුතුය.ඒවාද දායකත්වය මත පදනම් විය යුතුය.
චක්‍රීකරණය පවත්වාගත හැක්කේ එවිටය.රටේ සියල්ල විදේශීය ආයෝජනයට දී අසීමාන්තික වැටුප් ගෙවීමට මෙන්ම,සදාකාලික සමෘද්ධිය දීමට හෝ ඡන්ද ව්‍යපාර පවත්වාගෙන යාම වෙනුවෙන් ප්‍රාදේශීය දේශපාලකයන්ට බදු මුදලින් වැටුප් ගෙවීමේ යාන්ත්‍රණය බිඳ දැමිය යුතුය.
අගතිගාමී පක්ෂවල බ්ලොක් වෝට් එක සමෘද්ධිලාභී ජනතාවගෙන් 17 කට එකක් ලෙස බඳවාගත් රජයේ සේවකයන්ය.
පාන් මිල,හාල් මිල,හා සමෘද්ධිය කැපීම මත ආණ්ඩු වෙනස් වීම වැළැක්විය හැක්කේ මේවායේ අඩුපාඩු මගහරවා ගෙන අලුත් ක්‍රම වලට යාමෙනි.
අස් වැසුමද සමෘද්ධියක් නොවිය යුතුය.අපිට තට්ටු මාරුකර කර සමෘද්ධිය වෙනුවෙන් ඡන්දය දෙන දිනකට සිය දෙනෙකුට දෑත් එකතු කර දණ නමන,කොන්ද නමාගෙන ආහාර වේලක් වෙනුවෙන් පින් දී දී ,දන්සල් කිලෝමීටර් ගණනක සිට පෝලිමේ ගොස් වඳින ජාතියක් අවශ්‍ය නැත.
හැමෝටම තමන්ගේ ආහාර වේල මිලදී ගන්නට ආදායම් ඇති,බේසමක් ,ටකරමක්,වැසිකිලි පෝච්චියක් තනිව මිලදී ගත හැකි..වැඩකරන ජනතාවක් බිහි කිරීමට තවත් බොහෝ දුර ගමනක් යා යුතුය.කොන්ද නොනමා ඇස් මට්ටමේ සිට ගණුදෙනු කරන සිවිල් සමාජයක් බිහිකරන්නටද තවත් බොහෝ දුර යා යුතුය.














































