උතුරු කොරියාව සිය ප්‍රථම අභ්‍යවකාශ චන්ද්‍රිකාව උඩු ගුවනට යැවීමට සැලසුම් කර ඇති බව ප්‍රකාශ කර සුළු වේලාවකට පසුව උතුරු කොරියාව රොකට්ටුවක් ගුවන් ගත කර ඇති බව ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ තහවුරු කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ සම්බන්ධයෙන් ජපානය විසින් ඔකිනවාහි ජීවත් වන වැසියන්ට අනතුරු ඇඟවීමක් සිඳු කළ ද එම රොකට්ටුව තම භූමියට කඩා වැටීමේ අවදානමක් නොමැති බව ජපාන බලධාරීන් ප්‍රකාශ කර තිබේ.එමෙන්ම දකුණු කොරියාවේ සෝල් අගනුවර පදිංචිකරුවන් සඳහා ද ගුවන් ප්‍රහාර පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර මෙම රොකට්ටුව ගුවනේ දී කැඩී බිඳී යාමට හෝ රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වීමෙන් පසු කඩා වැටීමට ඉඩකඩ ඇති නිසා ඒ සම්බන්ධයෙන් සූදානමින් සිටින බව දකුණු කොරියානු ආරක්ෂක අංශ සඳහන් කර තිබේ.
 
	    	



























 
		    


















