ඉදිරි දින කිහිපය තුළ චන්ද්‍රිකාවක් ගුවන් ගත කිරීමට සූදානමින් පසු වන බවත් , එය මැයි 31 සිට ජුනි 11 දක්වා කාලය තුළ දියත් කිරීමට නියමිත බවත් උතුරු කොරියාව නිවේදනය කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නමුත් උතුරු කොරියාව විසින් ගුවන් ගත කිරීමට සූදානම් වන චන්ද්‍රිකාව බැලැස්ටික් මිසයිලයක් විය හැකි බවත් ඒ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන බවත් ජපාන ආරක්ෂක අංශ සඳහන් කර තිබේ.















































