ව්‍යාජ කෘත්‍රිම බිත්තර සංසරණය වීම සාවද්‍ය බවත් බිත්තර පරිභෝජනයට බියක් ඇති නොකර ගන්නා ලෙසත් පාරිභෝගික අධිකාරිය දැනුම්දී ඇති බව වාර්තා වේ.
තවද ව්‍යාජ ප්ලාස්ටික් සහල් ඇති බවට පැතිර ගිය ප්‍රචාර හා සමානව මෙම සාවද්‍ය පුවත ප්‍රචාරය වන බැවින් එයට නොරැවටෙන ලෙසට පරිභෝගික සේවා අධිකාරිය ප්‍රකාශ කර තිබේ.
ඔවුන් පවසන්නේ ශ්‍රී ලංකාව තුළ ව්‍යාජ කෘත්‍රිම බිත්තර විකිණීමට හෝ ආහාර සදහා යොදා ගැනීමට හැකියාවක් නොමැති බවයි.
පාරිභෝගික සේවා අධිකාරිය වැඩිදුරටත් පවසන්නේ මෙවැනි අකටයුත්තක් සිදු වුවහොත් 1977 දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසයි.













































