පසුගිය වර්ෂයේ මැයි මාසයේ සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා විදේශ ගත වූ ශ්‍රමිකයන්ට ඉලෙක්ට්‍රික් වාහන ආනයන බලපත්‍ර සදහා ලබා දී තිබූ කාලය ලබන අගෝස්තු දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා අද (29) කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.














































