කුකුළු මස් සහ බිත්තර අඩු මිල ගණන් යටතේ ජනතාවට ඉදිරියේ දී ලබා දීම සඳහා නීති රීති පැනවීමට පියවර ගන්නා බව ඊයේ (09) කුකුළු මස් සහ බිත්තර කර්මාන්තකරුවන් සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මාළු මිල ඉහළ යාම හේතුවෙන් කුකුළු මස් ව්‍යාපාරිකයින් ද අනිසි ලාබයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙන් මිල ගණන් ඉහළ දමා ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර තිබේ.













































