ගෘහ සේවය සඳහා විදේශ ගත වන කාන්තාවන් හට අද (01) දින සිට ජාතික ඇගයීම් මට්ටමේ සහතිකය නොහොත් NVQ සහතිකය අනිවාර්ය බව විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම දින 28 ක නේවාසික පුහුණුවක් ද මෙයට අයත් වන බව විදේශ රැකියා නියුක්ති කාර්‍යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනරත් යාපා මහතා සඳහන් කරන ලදී.














































