ඖෂධවේදීන්ගේ හිඟය හේතුවෙන් ඇතැම් රෝහල්වල ඖෂධ නිකුත් කිරීමට දැඩි බාධා මතුව ඇති බවට රජයේ ඖෂධවේදීන්ගේ සංගමය ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.
එහි සභාපති තුෂාර රණදේව සඳහන් කළේ පර්යන්ත රෝහල්වලට එය දැඩි ගැටලුවක් වී ඇති බවයි.
පවතින ආර්ථික ප්‍රශ්න හමුවේ ඖෂධවේදීන් රැසක් විදෙස් රැකියා සඳහා යොමුවීම මෙම ගැටළුවට හේතු වී ඇතැයි ඖෂධවේදීන්ගේ සංගමය සඳහන් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ඖෂධවේදී පුරප්පාඩු කඩිනමින් පියවීම සඳහා මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ඉල්ලා ඇති බවයි.













































