ඊයේ (11) පානදුර උතුර පොලිස් වසමේ ගාලු පාරේ , ගොරකාන ප්‍රදේශයේ දී පානදුර දෙස සිට මොරටුව දෙසට ධාවනය වූ යතුරුපැදියක් එම දිශාවටම ගමන් කළ පාපැදියක ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු සහ පාපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ප්‍රතිකාර ලබමින් සිටිය දී පාපැදිකරු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වාද්දූව ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි අයෙකි.














































