නොච්චියාගම පහලමාරගහ වැවෙහි සිරි නරඹමින් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ මුදල් සහ භාණ්ඩ කොල්ලකෑ කණ්ඩායම සොයා නොච්චියාගම පොලීසිය විමර්ශන ආරම්භ කර ඇති බව වාර්තා වේ.
තියුණු ආයුධත් රැගෙන පැමිණි බව කියන මෙම කණ්ඩායම විදෙස් ජාතික කාන්තාව සතුව තිබූ යුරෝ 350ක්,පොත් කියවීමට උපයෝගී කරගන්නා උපකරණයක් සහිත අත්බෑගයද එම කණ්ඩායම විසින් සොරාගෙන ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.














































