පාකිස්ථානයේ කේබල් රථයක සිරවූ පිරිසක් බේරාගැනීම සඳහා එරට ගුවන් හමුදාව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.
එම කේබල් රථයෙහි ළමුන් 6ක් සහ වැඩිහිටියන් දෙදෙනෙකු සිරවී සිටින බව සඳහන්.
පාකිස්ථානයේ Pakhtunkhwa පළාතේ පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සාමාන්‍යයෙන් මෙම කේබල් කාර් මඟින් සිදු කෙරෙන අතර මෙම ළමුන් පිරිස සහ ගුරුවරුන් දෙදෙනා අද උදෑසන 7.00 ට පමණ සිය පාසල වෙත ගමන් කරමින් සිටින අතරතුරේදී මෙම සිදුවීමට මුහුණ දී තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙලෙස එම රථය සිරවී තිබෙන්නේ අඩි 1200ක පමණ ඉහළින් වන බවත් , අධික සුළං තත්ත්වය හේතුවෙන් මුදාගැනීමේ මෙහෙයුම් අසීරු වී ඇති බවත් ය.















































