ත්‍රස්තවාදයට මෙරට තුළ ඉඩක් නොමැති සේම අන්තවාදයට ද මෙරට තුළ ඉඩක් නොමැති බවත් , සියලු ජාතීන් හා ආගම් එකට එකතු වී සෑම ජාතියකටම ආගමකටම අහිතකර ලෙස බලපෑම් සිදු කරන අන්තවාදය පරාජය කළ යුතු බවත් , පසුගිය කාල වකවානුවේදී දේශපාලන අරමුණු වෙනුවෙන් අන්තවාදය ඇතැම් පක්ෂ භාවිත කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගාල්ල සහිරා විදුහලට වසර 100 සැපිරීම නිමිත්තෙන් පැවති උත්සවයකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු සඳහන් කළේ ජනාධිපති පුටුවට යන්න තිබූ ආසාව මත ඔවුන් මුළු රටම කෑලි කෑලිවලට කඩා ජාතික සමගිය හා එකමුතුභාවය විනාශ කළ බවත් , යුද ජයග්‍රහණයෙන් පසු සියලු ජාතීන් එකට එකතු වී රටක් ලෙස දියුණු වෙනවා වෙනුවට ජනපති සිහිනය වෙනුවෙන් ඔවුන් ජාතිවාදය ඇවිස්සූ බවත් ය .
එමෙන්ම වඳ කොත්තු, වඳ සැත්කම් කියා චෝදනා කරමින් වෛද්‍ය සාෆිගේ වැඩතහනම් කළ බවත් , කොවිඩ් සමයේ දී ආදාහනය භූමදානය යන ගැටලුවේදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්නායක පවා අමතක කොට කටයුතු කළ බවත් , එයට විරුද්ධව මහපාරට බැස හඬක් නැගුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.














































