සුඛෝපභෝගී මගී නෞකාවක් වන පැසිෆික් වර්ල්ඩ් නෞකාව අද(20) අලුයම කොළඹ වරාය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.
මගීන් 1691 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 704 දෙනෙකු සමග ඊජිප්තුවේ සිට මෙම නෞකාව පැමිණ තිබේ.
ජපන් සහ චීන මගීන් වැඩි පිරිසක් මෙහි සිටින අතර ඔවුන් කොළඹ, ගාල්ල සහ මහනුවර ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිත බව සදහන්.
පැනමා ධජය යටතේ පැමිණි පැසිෆික් වර්ල්ඩ් නෞකාව අද රාත්‍රියේ මලයාසියාව බලා පිටත්ව යන බව සඳහන් වේ.














































