ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සංචාරක පාකිස්තාන කණ්ඩායම දෙවැනි දිනය සදහා තරගය නිමා වන විට කඩුළු 5ක් දැවී ලකුණු 221ක් රැස්කර ගෙන සිටි බව වාර්තා වේ.
දිනය නිමා වන විට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි සාවුද් ෂාකීල් ලකුණු 69ක් සහ අගා සල්මන් 61ක් රැස්කර ගෙන සිටි බව සදහන්.
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් සියලුදෙනා දැවී ලකුණු 312ක් රැස්කර ගැනීමට සමත් වී තිබේ.