විශේෂ කාර්ය බළකා ශ්‍රී ජයවර්ධනපුර කඳවුරට අනුයුක්ත විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායමේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවකු වන දෙමටගොඩ චමින්දගේ සමීපතමයෙකු වන මානවඩුගේ අසංග මධුරංග නොහොත් “පරිප්පුවා” නැමැත්තා තියුණු ආයුධ සමඟ වැල්ලම්පිටිය කොටුවිල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ .
අදාළ වැටලීමේ දී ඔහුගේ තවත් සමීපතමයන් දෙදෙනෙකු සහ කාන්තාවක ද අත්අඩංගුවට ගත් බව සඳහන් .
සැකකරු මිනීමැරුම් චෝදනාවලට අවශ්‍ය ව සිටි පුද්ගලයෙකු බව වැඩිදුරටත් වාර්තා වේ .
 
	    	



























 
		    

















