පාර්ලිමේන්තුව හෙට (05) සිට ලබන 7 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව හෙට (05) දින අධිකරණ කටයුතු ප්‍රමාදය සහ එයට සම්බන්ධ කරුණු පිළිබඳ විවාදයත් , ලබන 6 වනදා දූෂණ විරෝධී පනත් කෙටුම්පත සහ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ට සහය දීමේ හා ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයත් , ලබන 7 වනදා ගුවන් ප්‍රවාහන පනත් කෙටුම්පත දෙවන වර කියවීම සහ උදර්පණ පනත යටතේ නියමයන් සම්බන්ධයෙන් වන විවාදයත් පැවැත්වීමට නියමිත බව සඳහන්.














































