මඩුවන්වෙල නින්දගම වත්ත නමැති ඉඩමෙන් කොටසක් වන වගා ව්‍යාපෘතියක් සඳහා සීමාසහිත ලංකා දුම්කොළ සමාගම වෙත බදු පදනම මත ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වේ .
රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පනාමුර ග්‍රාම නිලධාරී වසමේ මෙම මඩුවන්වෙල නින්දගම වත්ත ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩමක් වන අතර ලංකා දුම්කොළ සමාගම විසින් ඉදිරිපත් කර ඇති අදාළ ව්‍යාපෘති වාර්තාව ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ .
ඒ අනුව මඩුවන්වෙල නින්දගම වත්තෙන් අක්කර 87යි රූඩ් 3යි පර්චස් 25ක කොටසක් මෙම වන වගා ව්‍යාපෘතිය සඳහා වසර 30ක කාලයක් සඳහා දීර්ඝකාලීන බදු පදනම මත ලබාදීමට සංචාරක සහ ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ .














































