පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් ප්‍රකාශ කළේ පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්ද විමසීම දිනෙන් දින කල් දැමීම සඳහා කටයුතු කරන සියලු දෙනාට එරෙහිව ඉදිරියේ දී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි. එමෙන්ම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කටයුතු කරනවා නම් එහි සත්‍යවශයෙන්ම වරදක් සිදු වී ඇති බවත් තිස්ස අත්තනායක මහතා පවසයි.
එමෙන්ම ” සමගි ජන පවුර ” වැඩසටහනේ අරමුණ බිම් මට්ටමින් ඡන්දපොළ 12,500ට ඡන්දපොළ නියෝජිතයන් 12,500ක ශක්තිමත් ජාලයක් බිහි කිරීම බව පාක්ෂිකයන් හමුවේ ප්‍රකාශ කරන ලදී.
මෙරට ලාභ ලබන ආයතන විකිණීමේ ක්‍රියාවලියට බොහෝසෙයින්ම විරුද්ධ වන බවත් , ප්‍රජාතාන්ත්‍රවාදය හකුලා ජනාධිපති යන්නේ ඒකාධිපති ගමනක් ද යන වගත් අමාතයවරයා තව දුරටත් අවධාරණය කරන ලදී.
තවද මෙරට ළමුන්ගේ මන්දපෝෂණය පිළිබඳව සොයා බැලීමට කමිටු පත් කිරීම පළක් නැති ක්‍රියාවලියක් බවත් මේ සඳහා නිසි ප්‍රයෝජනවත් වැඩපිළිවෙළක් සකස් කර දරුවන්ගේ ආහාර අවශ්‍යතාවයන් නිසි පරිදි සැලසීමට කටයුතුකළ යුතු බවත් තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරන ලදී.
රුසියාව ඉන්දියාවට තෙල් ලබා දෙන්නේ ඩොලර් 35 ට බවත් , රුසියාව විසින් මෙරට තේ කොළ මිලදී ගන්නවා නම් රුසියාවෙන් තෙල් නොගෙන්වන්නේ කුමන හේතුවක් මත ද බවත් , තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කරන ලදී.
” අද තෙල් බැරල් එකක් ඩොලර් 70 යි .ඇයි අපි රුසියාවෙන් තෙල් ගන්නේ නැත්තේ. රුසියාවට අපේ තේ කොළ ගන්න පුලුවන් නමි ඇයි අපිට තෙල් ගන්න බැරි . ඉන්දියාවට තෙල් දෙන්නේ ඩොලර් 35ට “
එමෙන්ම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ ” දූෂණ විරෝධී ” පනත ජනතාව අරගලය කළ කාරණය යටපත් නොකර , ඉතිහාසයටත් වලංගු වන පරිද්දෙන් ගෙන ආ යුතු බවත් ඔහු තව දුරටත් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනේ දී ප්‍රකාශ කරන ලදී.
” දුෂණ විරෝධි පනතක් ගෙනාවා පාර්ලිමේන්තුවට .අපි ඒ්කට 100% කැමති හැබැයි ඉතිහාසය පිිළිබද ජනතාව අරගලය කරපු ඒක කාරණය යටපත් නොකර මෙි “දුෂණ විරෝධි “පනත ඉතිහාසයටත් වලංගු වන පරිදි ගේන්න ඕනි කියලයි අපි කියන්නේ ”
රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට දිළිදුකම තුරන් කිරීම සඳහා කටයුතු කළ අයෙක් බවත් , ඔහු විසින් හඳුන්වා දුන් ” ජන සවිය ” නම් වැඩසටහන වර්තමානයේ පවතින ” සමෘද්ධි” වැඩසටහන මෙන් හිඟාකන වැඩසටහනක් නොවන බවත් තිස්ස අත්තනායක මහතා තරයේ අවධාරණය කරන ලදී.
” රණසිංහ ප්‍රේමදාස මහත්තයා ඇඟලුමි කර්මාන්ත ආරම්භ කරන විට කීවේ ‘ සුද්දාට ජංගි මහන්න අපේ මිනිස්සු දානවා’ කියලා. රණසිංහ ප්‍රේමදාස තමයි ලංකාවේ දිළිදුකම තුරන් කරන්න ” ජනසවිය” කියන වැඩසටහන හඳුන්වා දුන්නේ .අද වගේ මෙි “සමෘද්ධිය” කියන හිගාකන එකක් නෙමෙයි “
