හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ පොල්පිටිය පොලීසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයෙකි.
පසුගිය 16 වැනි දා මන්නාරම කොට්ඨාස දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් හෙරොයින් මිලිග්‍රෑම් සියයක් සන්තකයේ තබාගෙන සිටියදී මෙම පොලිස් කොස්තාපල්වරයා මන්නාරම පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබූ බව සදහන්.
එලෙස අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවට පොලීසිය වැඩිදුරටත් අනාවරණය කර තිබේ.














































