බියර් වෙළඳසැලකට පැමිණ මුදල් නොගෙවා බියර් ලබා ගැනීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයෙකු වෙළඳසැල් සේවකයින්ගේ පහරකෑමට ලක්ව නිකවැරටිය රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇති බවට කොබෙයිගනේ පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ කොළඹ මධ්‍යම කොට්ඨාසයේ විශේෂ කාර්යාංශයට අනුයුක්තව රාජකාරි සිදු කරන පොලිස් කොස්තාපල්වරයෙකි.
මෙම පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ බියර් හලට පැමිණ මෙලෙස බලහත්කාරයෙන් බියර් ඉල්ලීමේදී මෙම ආරවුල ඇති වී ඇති වූ බවට පොලීසිය පවසයි.
පොලිස් කොස්තාපල්වරයා පැලඳ සිටී රන් මාලයක් හා අත් පළඳනාවක් පහර දුන් පිරිස පැහැර ගත් බවට පවසා තිබුණද පොලිසිය විසින් සිදුකළ සීසීටීවී දර්ශන පරීක්ෂාවෙන් අනාවරණය වී ඇත්තේ පොලිස් කොස්තාපල්වරයා රන් භාණ්ඩ පැළඳ ගෙන එම ස්ථානයට නොපැමිණි බවයි.
මේ සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලීසිය ඉදිරි විමර්ශන කටයුතු කරන සිදුකරනු ලබන බව සඳහන්.














































