හැටන් නගර මධ්‍යයේ පදික වේදිකා තුල යතුරු පැදි නතර කර තැබීමෙන් හා එම පදික වේදිකා තුල යතුරු පැදි රැගෙන යාමත් සමග එම පදික වේදිකාවල ගමන් කරන පදිකයන්
විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වයන් පිළිබඳව අදහස් දක්වන නගරයට පැමිණෙන පදිකයන් පිරිසක් පවසනුයේ මෙම පදික වේදිකා පදිකයන් වන තමන්ට නිදහසේ ගමන් කිරිමට සකස් කර තිබුණද සමහර වෙළෙඳ සැල් හිමියන් හා එම වෙළෙසැල්වලට පැමිණෙන සමහර පිරිස් ඔවුන්ගේ යතුරු පැදි මෙම පදික වේදිකා තුල නතර කර තැබිම හා එම පදික වේදිකාවල යතුරු පැදි රැගෙන යාම හේතුවෙන් තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි.
මෙම පදික වේදිකා මෙසේ අවහිර කරන සමහර පිරිස් සමහර අවස්ථාවලදි පදික වේදිකා තුල ගමන් කරන තමන්ට බැන වදින බවත් මෙම තත්ත්වයන් පිළිබඳව අදාල නිලධාරින්
දැඩි අවදානය යොමු කර මෙම පදික වේදිකා තුල තමන්ට නිදහසේ ගමන් කිරිමට අවස්ථාවන් සලසා දිමට පියවර ගත යුතු බවද වැඩි දුරටත් පවසයි.