ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල අනාගතයේ දී මෙරට ආර්ථිකයට අයහපත් ලෙස බලපානු ඇතැයි මෙරට ජනතාවගෙන් 45% ක් විශ්වාස කරන බව වෙරිටේ රිසර්ච් ආයතනය විසින් කරන ලද නවතම සමීක්ෂණයකින් හෙළි වී ඇති බව වාර්තා වේ.
එම ආයතනය සඳහන් කරන්නේ ” ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන රටේ වර්තමාන සහ ඉදිරි ආර්ථිකයට බලපාන්නේ කෙසේ ද ” යන ප්‍රශ්නයට ජනතාව ලබා දුන් පිළිතුරු අනුව මෙම අගය දක්වා ඇති බවත් , මේ අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළ අනාගතයේ දී මෙරට ආර්ථිකයට යහපත් ලෙස බලපානු ඇතැයි විශ්වාස කරන්නේ ජනතාවගෙන් 28% ක් පමණක් බවත් ය.
වාර්තා වන ආකාරයට රට පුරා වාසය කරන ජනතාව නියෝජනය කරන පරිදි තෝරාගත් වැඩිහිටි ශ්‍රී ලංකා පුරවැසියන් 1008 දෙනෙකුගේ නියැදියක් පදනම් කරගෙන 2023 ජුනි මාසයේදී මෙම ජනමත විමසුම කර තිබේ .














































