බලපත්‍ර නොමැතිව ආගරපතන ප්‍රදේශයේ සිට ගම්පොළ වෙලම්බොඩ දක්වා වෑන් රථයකින් කසල තේ කිලෝ 800ක් ප්‍රවාහනය කළ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවට වාර්තා වේ.
වටවල පොලිසිය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙක බැගින් වූ ඇප මත මුදාහැර තිබේ.