ගර්භණී කාන්තාවකට පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කර රන් භාණ්ඩ කොල්ලකෑ තිදෙනෙකු අතුරුගිරිය පොලිසිය විසින් අද (10) අත්අඩංගුවට ගත් බවට වාර්තා වේ.
දින කිහිපයකට පෙර ගර්භණී කාන්තාව පදිංචි අතුරුගිරිය ඔරුවල නිවසට පැමිණි තම සොහොයුරාගේ අනියම් බිරිද සහ හිතවත් සොහොයුරෙකු වතුර ඉල්ලා පසුව ආහාර ඉල්ලීමේදී ආහාර නොමැති බව පවසා ගෙතුළට යාමට සූදානම් වූ අවස්ථාවේ දී මෙම සැකකරු හා සැකකාරිය ඇයගේ ගෙලට පිහියක් තබා මරණ බවට තර්ජනය කර ඇය සතු රන් භාණ්ඩ සහ නිවසේ අල්මාරියේ තිබූ රන් භාණ්ඩ කොල්ලකා ඇති අතර එහිදී ඔවුන්ගේ ග්‍රහණයෙන් මිදීමට පොර බදා ඇති ගර්භණී කාන්තාවගේ පාදය සහ කලවා ප්‍රදේශයට පිහි පහරවල් එල්ල කර ඇති බව සදහන්.
එම අවස්ථාවේ ගර්භණී කාන්තාවගේ සොහොයුරා නිවසෙන් පිට මාර්ගයේ රැදී සිට ඇති බවත් අත්අඩංගුවට ගත් තිදෙනා අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූවන් වන අතර මත්ද්‍රව්‍ය පානයට මුදල් නොමැති වීම හේතුවෙන් සොයුරාගේ අනියම් බිරිද විසින් මෙම කොල්ලකෑම සැලසුම් කර ඇති බවට විමර්ශණ වලින් හෙළි වේ.
සී.සී.ටී.වී දර්ශන පරික්ෂා කිරීමෙන් අනතුරුව අතුරුගිරිය පොලිස් නිලධාරින් විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර විවිධ ස්ථානවල උගස් තබා තිබූ රන් භාණ්ඩ සොයාගත් බවට අතුරුගිරිය පොලිසිය ප්‍රකාශ කර තිබේ.














































