පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා විසින් එහි කාර්‍ය් මණ්ඩල සාමාජිකයන් මර්ධනය කරමින් විශ්වවිද්‍යාලය තුල ගෙන යනු ලබන බවට චෝදනා එල්ල වී ඇති අතර ඔහුට එරෙහිව පේරාදෙණිය විශ්වවිද්‍යාල වෘත්තීය සමිති බල මණ්ඩලය ගෙන යනු ලබන විරෝධයට මේ වන විට රට පුරා සියලුම විශ්වවිද්‍යාල කාර්‍ය මණ්ඩල සාමාජිකයන්ගේ සහාය හිමි වී ඇති බව එම වෘත්තීය සමිති බල මණ්ඩලය පවසයි .
අදාළ ආරක්ෂක නිළධාරියාගේ අත්තනෝමතික ක්‍රියා කළාපය හේතුවෙන් පීඩාවට පත් පේරාදෙණිය විශ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් කිහිප දෙනෙකු මේ වන විට පේරාදෙණිය පොලිසියට පැමිණිලි කර ඇති අතර එම චෝදනා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල පාලානාධිකාරිය මෙතෙක් නිසි ක්‍රියාමාර්ග නොගැනීමට එරෙහිව කාර්‍ය මණ්ඩලයේ විරෝධය දිගින් දිගට එල්ල වෙමින් පවතින බවද එම වෘත්තීය සමිතිය කියයි.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෘත්තීය සමිති බල මණ්ඩලයේ ලේකම් ටී.ඒ.ඩී.සුරංජීව මහතා පැවැසුවේ චෝදනාවට ලක් වී ඇති මෙම නිළධාරියා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල මට්ටමින් නිසි විනය ක්‍රියාමාර්ගයක් නොගතහොත් ලබන සතියේ රට පුරා සියල්ලම විශ්වවිද්‍යාල වල සහාය ලබා ගනිමින් පුළුල් විරෝධතාවක් පවත්වන බවයි .මෙම ආරක්ෂක නිළධාරියාගේ විනය විරෝධී ක්‍රියාකලාප සම්බන්ධයෙන් මේ වන විටත් සියලු වගකිව යුතු අංශ දැනුම්වත් කිරීමට තම සංගමය පියවර ගෙන තිබෙන බවද ඔහු පැවැසීය .
මේ අතර අද 25 පස්වරුවේ අදාල සිද්ධිය පිළිබඳව තීරණයක් ගැනීම සදහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලක සභාවේ විශේෂ රැස්වීමක් උපකුලපති මහාචාර්ය එම්.ඩී.ළමාවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
සරත් සමරනායක














































