ඉන්දියාවේ ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන්යානයක් තුළ දී එහි ගුවන් නියමුවාට මගියෙකු පහරදෙන වීඩියෝවක් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
ගුවන් නියමුවා ගුවන් ප්‍රමාදය පිළිබඳව නිවේදනය කිරීමෙන් කෝප වූ මගියා මෙලෙස පහරදුන් බව වාර්තා වේ.
මෙය සිදුව ඇත්තේ දිල්ලියේ සිට ගෝවා බලා පිටත්ව ගිය (6E-2175) IndiGo ගුවන් යානයේ දීය.
ඊයේ (14) පැවති මීදුම් තත්ත්වය හේතුවෙන් ගුවන් ගමන ආරම්භ කිරීමට පැය කිහිපයක් ප්‍රමාද වී ඇත.
මේ වන විට ගුවන් නියමුවා විසින් පහරදීම සිදුකළ මගියාට එරෙහිව පැමිණිල්ලක් ගොනුකර ඇති අතර ගුවන් සමාගම මේ වන විට අදාළ නීතිමය කටයුතු සිදුකරන බව වාර්තා වේ.















































