අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු බව පවසමින් නිවසකට හොර රහසේ ඇතුළු වී සිටි කොස්තාපල්වරයෙකු හැටන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම නිවසේ සිටින උසස් පෙළ හදාරන සිසුවියගේ පාසලටද ගොස් ඇති මෙම කොස්තාපල්වරයා ඇයට නුවරඑළිය විශේෂ විමර්ශන අංශයට පැමිණෙන ලෙසට දුරකථන පණිවිඩ පිටපතක්ද ලබා දී තිබෙන බව සදහන්.
පසුව දුරකථන ඇමතුම් රාශියක් ඇයට ලබාදී තමා නිවසට හොර රහසේ පැමිණෙන බවත් ඒ සම්බන්ධව කිසිවෙකුට නොපවසන ලෙසටත් සිසුවිය වෙත පවසා තිබේ.
පසුව සිසුවිය විසින් ඇයගේ මව දැනුවත් කර ඇති අතර ඇය විසින් හැටන් පොලීසියේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව පොලිස් කොස්තාපල්වරයා නිවසට පැමිණි පසු අත්අඩංගුවට ගත් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා දිඹුලපතන පොලීසියට අනුයුක්තව රාජකාරි කරන අයකු බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.
 
	    	



























 
		    

















