පුද්ගලයෙකුට පහරදී ඔහු සතු මුදල් කොල්ල කෑ පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල් රියැදුරෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එරාවුර් පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් තිදෙනෙකි.
පසුගිය නව වැනිදා රාත්‍රියේ එරාවූර් නගරයේ මාර්ගයක යමින් සිටි පුද්ගලයෙකු හැඳුනුම්පත නොමැති වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන මෙම සැකකාර නිලධාරීන් තිදෙනා ඔහු සතුව තිබූ රුපියල් 6500ක මුදලක් කොල්ලකා තිබේ.
නීතිය ක්‍රියාත්මක නොකිරීමට රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ද ඉල්ලා තිබෙන බවට එම පුද්ගලයා මඩකලපුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත පවසයි.
කොල්ල කෑමට ලක් වූ තරුණයා ඔහුගේ පියා සමග සිදුවීම වූ දිනට පසු දින පොලිසියට ගිය අවස්ථාවේදී කොල්ල කන මුදලින් රුපියල් 1500 ක මුදලක් පොලිස් නිලධාරීන් විසින් නැවත ලබා දී තිබෙන බවද අනාවරණය වී තිබුණි.