හෙල්මට් ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලැබූ පුද්ගලයකු මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ කදපොල වත්ත ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.
මියගිය පුද්ගලයාගේ බාල සොයුරාගේ පුතුන් දෙදෙනෙකු විසින් අධික ලෙස බීමත්ව පැමිණ මියගිය පුද්ගලයාගේ වෙළඳසැල අසලදී මෙලෙස පහර දී ඇති බව සදහන්.
මෙලෙස පහර දුන් පුද්ගලයින් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට කදපොල පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව සදහන්.