පදවිය වැලිඔය නවමොනරවැව,ආරණ්‍යක් අසල නිධන් හෑරූ පොලිස් සැරයන්වරයෙකු ඇතුළු 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට වාර්තා වේ.
අද (28) අලුයම අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් සතුව තිබී පාපැදියක් හා නිදන් හෑරීම සදහා යොදාගත් උපකරණද පොලිස් භාරයට ගෙන තිබේ.
මෙම පොලිස් සැරයන්වරයා පෑලියගොඩ පොලිස් මූලස්ථාන ගබඩාවේ සේවයට අනුයුක්තව රාජකාරි කරන අයෙකි.
සැකකරුවන් අතර නිදන් හෑරීම සිදුකරන ඉඩමේ අයිතිකරුද සෙසු සැකකරුවන් ගම්පහ වේයන්ගොඩ හා මීරිගම පදිංචිකරුවන් වන අතර ඔවුන් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














































