බලපත්‍ර නොමැතිව විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ළඟ තබා ගත් පොලිස් සැරයන්වරයෙකු සීතාවකපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කරන අයෙකු බවට අනාවරණය වේ.
සැකකරු සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියක් සොයා ගත් බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
අත්අඩංගුවට ගත් සැකකාර පොලිස් සැරයන්වරයා අද(10) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව සදහන්.














































