අව්වුවේලි පොලිස් වසමේ නීර්වේලි ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
එම ප්‍රදේශයේ පිරිසක් ඊයේ (28) රාත්‍රියේ නිවසකට පහරදෙන බවට හදිසි ඇමතුම් ඒකකයට ලැබුණු පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති බව සදහන්.
පොලිස් නිලධාරීන් එම ස්ථානයට ළඟාවීමෙන් පසු එම පිරිස් දිගින් දිගටම කලහකාරී ලෙස හැසිරී ඇති අතර එහිදී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් නිලධාරියෙකු අහසට වෙඩි තැබීමක් සිදුකර තිබේ.
මේ අතර කලහාකාරීන්ගේ පහර කෑමට ලක්වූ පුද්ගලයෙකු යාපනය රෝහලට ඇතුළත් කළ බවට පොලිසිය ප්‍රකාශ කර තිබේ.
එම තුවාලකරු වයස අවුරුදු 21 ක්වූ නීර්වේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මුහුණු පොත ඔස්සේ තරුණියකගේ ඡායාරූප සමාජ මාධ්‍යට මුදාහැරීම සම්බන්ධයෙන් මෙම කළහකාරී තත්ත්වය හටගෙන ඇත.
මෙහිදී පොලිස් නිලධාරියෙකු ද තුවාල ලබා ඇති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් විමර්ශන ක්‍රියාත්මක කර තිබේ.














































