ගුරු – විදුහල්පති වෘත්තීය සමිති සංධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයකට පොලීසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ .
විරෝධතාවය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට සංවිධානය කර ඇති අතර, විරෝධතාකරුවන් පාගමනින් පාලම් තුන හන්දියට පැමිණි අවස්ථාවේ දී මෙලෙස පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ .
මේ හේතුවෙන් බොරැල්ල – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ රථවාහන ධාවනයට ද සම්පූර්ණයෙන්ම බාධා එල්ල වී ඇති බව වාර්තා වේ .