බස්නාහිර පළාතේ සිදු කළ සොරකම් සහ කොල්ලකෑම් කිහිපයක් සම්බන්ධයෙන් බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද තොරතුරකට අනුව කොළඹ උතුර අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් සිදු කළ විමර්ශනයකට අනුව පොලිස් නිලධාරීන් මෙන් පෙනී සිට සොරකම් රැසක් කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය සදහන් කරයි.
මෙම සැකකරුවන් සතුව තිබී හෙරෝයින් ග්‍රෑම් 10 යි මිලිග්‍රෑම් 100 ක් සහ ඔවුන් නාවතැන් ගෙන සිටි ස්ථානයේ තිබී ලැප්ටොප් පරිගණක යන්ත්‍ර තුනක් , ටැබ් යන්ත්‍ර හතරක් , ජංගම දුරකථන අසූ තුනක් සොයා ගත් බව වාර්තා කරයි.
මෙම සැකකරුවන් අවුරුදු 24 සහ 36 වයස්වල පසුවන්නන් වන අතර වැඩි දුර පරීක්ෂණ සදහා සැකකරුවන් දෙදෙනා මෝදර පොලීසිය වෙත භාර දී ඇති බව කියයි.














































