වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයට අදාළ සියලු ආයතන කෝප් කමිටුව හමුවට පාර්ලිමේන්තුවේදී කැඳවීමෙන් අනතුරුව සියලු වෘත්තීය පුහුණු ආයතන සම්බන්ධීකරණයෙන් පොදු වැඩපිළිවෙලක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත කෝප් කමිටුව මඟින් බලය පවරා ඇති බව වාර්තා වේ.
ඒ කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්‍ය රංජිත් බණ්ඩාර විසින් මෙම නියෝගය නිකුත් කිරීමෙන් අනතුරුවයි.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය , වෘත්තීය පුහුණු අධිකාරිය , ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍යාංශය , ජාතික තරුණ සේවා සභාව , වෘත්තීය තාක්ෂණ විද්‍යාලය ඇතුළු මීට අයත් වන ආයතනවල ප්‍රධානීන් මෙම කෝප් කමිටු රැස්වීම සඳහා සහභාගී වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් නිවේදනය කර තිබේ.
එමෙන්ම මෙම ආයතන පද්ධතිය සතුව කිසිඳු පිළිගත හැකී දත්ත පද්ධතියක් නොමැති වීම ගැටලුවක් බවත් , රැකියා වෙළදපොළ ඉලක්ක කරගෙන විද්‍යානුකූල පදනමක් යටතේ පාඨමාලා සිඳු කළ යුතු බවත් , ඒ සඳහා වෙළඳපොළ සමීක්ෂණයක අවශ්‍යතාවයත් , මෙම ආයතන මඟින් සිඳු කරන පාඨමාලාවට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව සාර්ථකව පුහුණුව අවසන් කරන්නන් රැකියාවල නිරතවන සංඛ්‍යාව වශයෙන් විධිමත් දත්ත පද්ධතියක අවශ්‍යතාවත් මෙහිදී අවධානයට ලක් වූ බව සඳහන්.














































