උසස් තනතුරු සඳහා පත්කර යවා ඇති නම් ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කිරීම පමාවන්නේ ඇයි දැයි යන්න සොයා බැලීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන බවත් , ව්‍යවස්ථාදායක සභාවේ සමහර සාමාජිකයින් එහි කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව වාර්තා වේ .














































