ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර පළාත් නියෝජනය කරන දෙමළ ජාතික මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (15) සවස 5.30ට ජනාධිපති කාර්‍යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
එමෙන්ම මෙහිදී උතුරේ ඉඩම් ගැටලු , බලය බෙදීම , දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.