කර්මාන්ත සඳහා අවශ්‍ය කුකුළු මස් පිටරටින් ආනයනය කිරීම සඳහා අවස්ථාව ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .
පසුගිය 27 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම පිළිබඳ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවත් , කුකුළු මස් වෙළෙඳපොළේ පවතින අධික මිලගණන් හේතුවෙන් ඇතිවී තිබෙන ජනතා පීඩාව අවම කිරීම සඳහා රජය විසින් මෙම තීරණය ගෙන ඇති බවත් අමාත්‍යවරයා සදහන් කර තිබේ .
එමෙන්ම මෙලෙස කුකුළු මස් ආනයනය කිරීමෙන් වෙළෙඳපොළේ මිල පාලනයක් සිදුනොවුනහොත් ඉදිරියේදී පරිභෝජනයට අවශ්‍ය කුකුළුමස් ආනයනයට ද පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ .