ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චාල්ස් කුමරුගේ රාජාභිෂේකය සදහා සහභාගි වීමට එංගලන්තය බලා අද (04) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බවට වාර්තා වේ.
අලුයම 03.15 ට පමණ එම්රේට්ස් ගුවන් සේවයේ ඊ.කේ .649 දරන ගුවන් යානයෙන් ඩුබායි බලා ජනපති ඇතුළු 8 දෙනෙකු පිටත්ව ගොස් ඇති අතර ඔවුන් ඩුබායි සිට වෙනත් ගුවන් යානයකින් එංගලන්තය බලා පිටත්ව යාමට නියමිත බව සදහන්.














































