නිල සංචාරයක් සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) දින ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ආරාධනයකට අනුව ජනපති මෙම සංචාරයේ නිරත වන බව සදහන්.
මෙහිදී ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත අතර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් ප්‍රභූවරුන් හමුවී මෙරට පැවති ආර්ථික හා දේශපාලනික අර්බුදයන්හීදී ලබාදුන් සහය සම්බන්ධයෙන් හා එවැනි සැපයුම් දීර්ඝ කාලීනව ඉදිරියට ගෙන යාමේ නව සාකච්ඡා ආරම්භ කිරීමට අවධානය යොමු කරනු ඇති.