රට මුහුණදී තිබෙන ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රවාදී අර්බුදයෙන් රට බේරා ගැනීමට තිබෙන එකම විසඳුම සමඟි ජන බලවේගය බවත් රටේ වත්මන් තත්ත්වය වෙනස් කිරීමට සමඟි ජන බලවේගය නායකත්වය ගැනීමට සූදානම් බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ (29) පැවැති මාධ්‍ය හමුවකදී පැවසූ බව වාර්තා වේ.
රටට අවශ්‍ය කර තිබෙන්නේ ජන මතයක් තිබෙන නායකයකු සහ ආණ්ඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ සමඟි ජන බලවේගය ප්‍රමුඛ පුළුල් සන්ධානයකින් බවත් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා එහිදී පවසා ප්‍රකාශ කර තිබේ.
එමෙන්ම ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා පවසයි.
මැතිවරණ දෙකම එකම දිනකදී පැවැත්වීමට අදාළව නීතිමය වෙනසක් කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා සහාය දීමට පක්ෂය සූදානම් බව ද ,මෙමඟින් විශාල මුදලක් රටට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙන බව ද හෙතෙම පැවසීය.














































