ලංකා සතොස මඟින් කිරිපිටි , මුං ඇට සහ කඩල මිල පහළ දැමීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ .
ඒ අනුව ලංකා සතොස සම්පූර්ණ යොදය සහිත කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 22කින් පහළ දමා තිබෙන අතර එහි නව මිල රුපියල් 948කි.
සතොස කිරිපිටි මිල පහළ දැමීම ඊයේ (01) සිට ක්‍රියාත්මක බව සඳහන් .
එමෙන්ම අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි මුං ඇට කිලෝවක රුපියල් 77කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 998කි.
කඩල කිලෝවක මිල රුපියල් 9කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 540කි.













































