චීන වරායේ සිට සීදූව බලා ධාවනය වූ ප්‍රීමා පිටි ප්‍රවාහනය කළ දුම්රිය අද (120 අළුයම මහව දුම්රිය ස්ථානයේදී පිළි පැන ඇති අතර ඒ හේතුවෙන් නැගෙනහිර දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වූ බව වාර්තා වේ.
දුම්රිය පීළි පැනීම හේතුවෙන් මාර්ගයට කිසිඳු හානියක් සිඳු වී නොමැති බවත් , එම දුම්රියේ ගාඩ් පෙට්ටියේ රෝද කට්ටල දෙකක් සහ පිටි රැගෙන යන එක් පෙට්ටියක රෝදයක් පීළි පැන ඇති බවත් සඳහන්.
මෙම ප්‍රීමා පිටි දුම්රියේ සිඳු වූ පීළි පැනීම නිසා කොළඹ කොටුව සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය , මහව සිට මඩකලපුව බලා ධාවනය වූ මිශ්‍ර දුම්රිය සහ මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ පුලථිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය ප්‍රමාද වී ධාවනය කර තිබේ.
එමෙන්ම නැගෙනහිර දුම්රිය මාර්ගයේ ධාවනය වන දුම්රිය මහව මංසන්ධියේදී මාරුකර යවා ඇති අතර ප්‍රීමා පිටි දුම්රිය දිගින් වැඩි වීම නිසා දුම්රියේ පෙට්ටි හතරක් ඉවත් කොට මාර්ගය විවෘත කර දුම්රිය ධාවනයට කටයුතු කිරීමට හැකි වූ බව ද වාර්තා කරයි.