එදිරිවීර සරත්චන්ද්‍ර මහතාගේ මනමේ නාට්‍යයේ මනමේ කුමරු ලෙසින් රංගනයේ නිරත වූ දොරෝව්ව මහා විද්‍යාලයේ නර්තන ආචාර්‍ය ප්‍රවීන වේදිකා නාට්‍ය ශිල්පී පී.ඒ.සුනිල් තිලකරත්න මහතා අද (21) අලුයම අභාවප්‍රාප්ත වූ බව වාර්තා වේ.
කුරුණෑගල පැවති රූකඩ රාජ්ජේ නර්තනයක නිරතවෙමින් සිටියදී හදිසියේ රෝගාතුර වී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.
මොහු අභාවප්‍රාප්ත වන විට 52 හැවිරිදි වියේ පසු වූ අතර තිදරු පියෙකි.
සුනිල් තිලකරත්න මහතා සිංහබාහු , නරිබෑනා , අසිනිවැස්ස , රූකඩ රාජ්ජේ ඇතුළු වේදිකා නාට්‍ය ගණනාවක මෙන්ම හෝගානා පොකුණ චිත්‍රපටියේ ද සුවිශේෂ දස්කම් පෑ කලාකරුවෙකි.
මොහුගේ දේහය අවසන් ගෞරවය සඳහා කිතලවලාන බැද්දෙගෙදර නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දෙන බව පවුලේ සාමාජිකයන් ප්‍රකාශ කර තිබේ.














































