ගංජා සම්බන්ධ ප්‍රවෘත්තියක් වාර්තා කළ ආකාරය පිළිබඳව විමසීමට මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා අනිද්දා (06) පාර්ලිමේන්තු ආචාරධර්ම හා වරප්‍රසාද කමිටුව ඉදිරියට කැදවා ඇති බව වාර්තා වේ.
අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කතා නායකවරයාට අයත් මත්තල ප්‍රදේශයේ ඉඩමක් කුලියට ගත් පුද්ගලයෙක් නීතිවිරෝධී ලෙස ගංජා වගාවක් පවත්වාගෙන ගොස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධ ප්‍රවෘත්තිය හිරු රූපවාහිනී නාලිකාවේ පත්තරේ විස්තරේ වැඩසටහනේදී ප්‍රකාශ කළ ආකාරය අනුව සිය පාර්ලිමේන්තු වරප්‍රසාද කඩ වී ඇති බව කියමින් නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ගොනුකළ පැමිණිල්ලකට අනුව ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා වරප්‍රසාද කමිටුව ඉදිරියට කැදවා තිබේ.
ඒ අනුව පසුගිය ජනවාරි මුල් සතියේ කතරගම කදවුරට අනුයුක්ත පොලිස් විශේෂ කාර්‍ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ගංජා හේනක් වටලා එම වගාවේ තිබූ අඩි 4 හමාරකට ආසන්න උසකින් යුත් ගංජා පැළ 18.956ක් පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන තිබේ.
එමෙන්ම අත්අඩංගුවට ගත් පසු සැකකරු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂට අයත් අක්කර 10ක ඉඩමකින් අක්කර දෙක හමාරකට ආසන්න ප්‍රමාණයක් කුලියට ගෙන මෙම නීතිවිරෝධී ගංජා වගාව පවත්වාගෙන ගොස් ඇති බවයි.
එම නිසා නියෝජ්‍ය කතානායකවරයා පැමිණිලි කර ඇත්තේ මෙම ගංජා සම්බන්ධ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් චමුදිත සමරවික්‍රම මහතා වාර්තා කර ඇති ආකාරයෙන් තමාගේ වරප්‍රසාද කඩවී ඇති බවයි.














































