රුසියාවේ විදේශ අමාත්‍යවරයා ද සිංහල භාෂාව කතා කිරීමට හැකි අයකු බවත් සිංහල භාෂාව ලොව අනෙක් භාෂාවන් අතරින් සුවිශේෂී භාෂාවක් වන බවත් රුසියාවේ මොස්කව් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව පිළිබඳ මහාචාර්ය බොරිස් වොල්හොන්ස්කි මහතා පවසනවා.
අන්තර්ජාල නාළිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළි කර ඇති අතර අදාල මහාචාර්යවරයා සිංහල භාෂාව ඉගැන්වීමට සිටින රුසියාවේ එකම මහාචාර්යවරයා බව ද සඳහන්.
මේ අතර මේ වන විට රුසියාවේ විශ්වවිද්‍යාල වල සිංහල භාෂාව ඉගැන්වීම සඳහා මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ මඩොල්දුව නවකතාව යොදා ගන්නා ආකාරයද සඳහන් කර ඇති මහාචාර්ය බොරිස් වොල්හොන්ස්කි මහතා 1970 දශකයේ ශ්‍රී ලංකාවට පැමිණ සිංහල ඉගෙනීම සඳහා කටයුතු කළ ආකාරය ඇතුලු රසවත් සිදුවීම රැසක් මෙම වැඩසටහනේදී සිහිපත් කිරීම විශේෂත්වයක්.
මේ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගැනීම සදහා පහත වීඩියෝව නරඹන්න .