ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිත ආයතනයේ සාගර ප්ලාස්ටික් අඩු කිරීමේ ක්‍රියාකාරීත්වය සහ මධ්‍යම පරිසර අධිකාරිය එක්ව ජාත්‍යන්තර කසළ ශුන්‍ය දින සැමරුම ඊයේ (30) කොළඹ දී පැවති අතර මෙම වර්ෂයේ ජුනි මස පළමුවැනි දා සිට ප්ලාස්ටික් ගෑරුප්පු , හැදි , මල්මාලා , ඉදි ආප්ප වට්ටි , බීම බට , කලතන ආදී නිශ්පාදන අලෙවිය , බෙදා හැරීම , නිශ්පාදනය තහනම් කෙරෙන බවත් ඊට අදාළ රෙගුලාසි ගැසට් කිරීමට කටයුතු කරන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් එස්.පතිරගේ මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඔහු වැඩි දුරටත් සඳහන් කළේ 2025 වර්ෂය වන විට තවත් ප්ලාස්ටික් භාණ්ඩ කිහිපයක් තහනම් කිරීමට සැලසුම් කර ඇති බවත් ඊට අදාළ ලැයිස්තුව සකස් කෙරෙමින් පවතින බවත් ය.