වයඹ පළාතේ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය කිරීම නවතා දැමූ බවට සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වාර්තා කරයි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් වැඩබලන අධ්‍යක්ෂ, බී. සී. එස්. පෙරේරා මහතා සඳහන් කළේ, කුරුණෑගල ප්‍රදේශ කිහිපයක ගවයින් අතර පැතිර යන සමේ ගැටිති රෝගය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.














































